central-highway-stopped

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මිරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු  නියමිත පරිදි අවසන්කිරිමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් පවතින අපහසුතා මත ව්‍යාපෘතිය නතර විය හැකි තත්වයක් පවතින බවත් ආරංචි මාර්ග සදහන් කරයි.කඩවත සිට මීරිගම දක්වා වන කිලෝමීටර් 37ක දුරින් යුත් කොටසෙහි ඉදිකිරීම් 2024 වර්ෂය වනවිට මුළුමනින්ම අවසන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබූ නමුත්

රටෙහි උද්ගතව ඇති තත්වය මත මූල්‍ය ප්‍රතිපාදන මෙන්ම ඉන්ධන නොමැතිකම සහ අවශ්‍ය පස් ආදිය සපයා ගැනීමේ ගැටලුව හේතුවෙන් කටයුතු පමාවීමට හේතුවී ඇති බව කළ සොයා බැලීමේදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් කඩවත -මීරිගම ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින්ද රත්නායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී සඳහන් කර සිටියේ ව්‍යාපෘතියෙහි මේ වනවිට 45% ප්‍රගතියක් තිබිය යුතු නමුත් පවතින තත්ත්වය මත දැනට 30% පමණප්‍රගතියක් පවතින බැවින් විශේෂයෙන්ම පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කටයුතු නිසියාකාරයෙන් සිදුනොවන තත්වයකට පත්ව ඇති බවත්ය. ඉන්ධන සපයා ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු සමාගම සමග සාකච්ඡා කරමීන් සිටින බව සඳහන් කල අධක්ෂවරයා,

මෙම ව්‍යාපෘතිය නියමිත කාලයෙහි අවසන් කිරීමට නොහැකි තත්වයක් උදවුවහොත් ඒවනුවන් ඉදිකිරීම් භාර මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගමටඅතිවිශාල මුදල් ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු ලෙස ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදු විය හැකි බැවිනිය කාලය තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසාදීම විය යුතු බවද කියා සිටියේය.මෙම ව්‍යාපෘතිය චීනයේ  එක්සිම් බැංකුවෙහි සහ ණයක් යටතේ රුපියල් බිලියන 158ක මුදලක් වැය කෙරෙන අතර මාර්ග සංවර්ධන අධිකාරීයහි අධික්ෂණය මත ඉදිකිරීම් සිදු වෙමින් පවතී.

(තිලකරත්න දිසානායක.)