covid-new-status

දෛනිකව වාර්තා වන කෝවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යමින් තිබෙන අතර, ඊයේ (20)දා රෝගීන් 75ක් හා පෙරේදා (19දා දිනය තුළදී නව රෝගීන් 62 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.පසුගිය 18 වැනි කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබෙන අතර,  එම මියගිය තිදෙනාටම කෝවිඩ්  ආසාදනය වී තිබූ බවට ආහවුරු වී තිබේ.

මින් දෙදෙනෙකු වයස අවුරුදු 60ට වැඩි වන අතර, අනෙක් මරණකරු වයස අවුරුදු 30ත් 59ත් අර වයසේ පසුවේ. අවසන් වරට රෝගීන් 50 ඉක්මවා වාර්තා වී තිබෙන්නේ, පසුගිය අප්‍රේල් මස  10 වැනිදා වන අතර, එදන රෝගීන් 54ක් වර්තා වී ඇත. මේ මස 18 වැනිදා රෝගීන් 34ක් වාසනා වී තිබෙන අතර,17 වැනිදා රෝගීන් 25ක් වාර්තා වී ඇත. මේ අනුව ඊයේ (20) උදෑසන 10.00 වනවිට මෙරට තුළින් වානා වන සමස්ත කොවිඩ් රෝගීන් ප්‍රමාණය 664,572ති. දිස්ත්‍රික්ක වශයෙන් සැලකීමේදී වැඩිය කෝවිඩ්  රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ. කොළඹ දිස්ත්‍රියන් වන අතර, ඒ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 140,019ක් වාර්තා වී තිබේ.මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 114,575ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 58,2900ක්,මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 22,213, කුරුණෑගල දිස්ත්‍රියෙන් රෝගීන් 31,608ක්, ගාල්ල දිස්තිකයෙන් රෝගීන් 45,700ක් වාර්තා වී තිබෙන අතර, මේ ආකාරයට සැම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වී ඇත.

එසේම ඊයේ උදෑසන කාලය වනවිට රෝගීන් 522ක් රෝහල්වල හා ගෘහයන් තුළ ප්‍රතිකාර ලබමින් සිටි බවත්, කෝවිඩ් බවට සැක සහිත රෝගීන් 14ක්  වෛද්‍යවරුන්ගේ අධිෂණය යටත් ප්‍රතිකාර ලබාගන්නා බවද වසංගත රෝග විද්‍යා අංශ සඳහන් කරයි.


(ඉන්දික හේවාවිතාරණ)