11.30 am update
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ කැබිනට් මණ්ඩලය අද දහවල් 12.30ට දිවුරුම් දීමට නියමිතය.මෙම දිවුරුම් දීම ද අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතය.පැවති කැබිනට් මණ්ඩලයම දිවුරුම් දීමට නියමිතය. වරාය හා ගුවන් සේවා කටයුතු පිළිබඳ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා තමාට එරෙහිව එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අවසන් වනතුරු ඇමැති ධුරය ලබා නොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මීට අමතරව ජීඑල් පීරිස් මහතා වෙනුවට අලි සබ්‍රි මහතා විදේශ ඇමති ලෙස පත්කරන්නට යන බවට ආරංචියක් පවතී.
හරින් ප්‍රනාන්දු,මනුෂ නානායක්කාර, මහින්ද අමරවීර ආදීන් සිය ධූර වලින් ඉල්ලා අස්වුණත් යළි එම ධූරම ලැබෙනු ඇතැයිද ධම්මික පෙරේරා නැවත දිවුරුම් නොදෙනු ඇතැයිද වාර්තා පළවේ.(ධම්මික පෙරේරා මන්ත්‍රී ධූරයෙන්ද ඉවත්වීමට නියමිතය)
මේ අනුව සීමිත කැබිනට් මන්ඩලයක් පමණක් දිවුරුම් දෙන බවත් ඉතිරි හිස් ආසන තබාගෙන සිටින්නේ ඉදිරි සතිය තුළ අනෙක් පක්ෂ වලට ආරාධනා කොට සර්ව පාක්ෂික රජයක් පිහිටුවන්නට බවටද දේශපාලන ආරංචි වාර්තා කරයි.

10.25am
නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දැන් දිවුරුම් දුන්නේය. 
කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම තව නොබෝ වේලාවකින් සිදුවේ.