dullas-sajith-discussion

ජනපති අපේක්ෂකයින් වන ඩලස් - සජිත් අවබෝධතාවයෙන් ඉදිරියේදී පිහිටුවන්නට සැලසුම් කරන සම්මුති ආණ්ඩුවක් වෙනුවෙන් ඩලස්ගේ නියෝජිතයින් වන මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත් හා ආචාර්ය නාලක ගොඩහේවා සමග සජිත් පාර්ශවයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැත්වූ සාකච්ඡා සාර්ථකවූ බව ආචාර්ය හර්ෂ සිය ට්විටර් ගිණුම ඔස්සේ ඊයේ රාත්‍රී පණිවිඩයක් තබා තිබේ.
මෙහිදී සාකච්ඡාවට ලක්වූ කරුණු ගැන වැඩි විස්තර තවම වාර්තා නොවේ.
ඊයේ (18) රාවයක් පැවතියේ හෙට 20 පැවැත්වෙන පාර්ලිමේන්තු ජනපති සටනේදී රනිල් වික්‍රමසිංහට ලැබෙන ඡන්ද ප්‍රමාණය අභිබවා යන්නට ඩලස් හා සජිත් දෙපාර්ශවයේ එකඟතාවක් ඇතිකරගෙන එක් අපේක්ෂකයෙකු යෙදුවොත් හැකි බවයි.


ඒ අනුව ඩලස් හෝ සජිත් එක් අයෙකු ජනපති පදවිය ලබාගන්නා අතර අනෙක් තැනැත්තා තරගයෙන් ඉවත්වී ජනපති ධූරය වෙනුවට අගමැති තනතුර ලබාගෙන ඇමති මඩුල්ලක් සමග ඒකාබද්ධ රාජයක් පිහිටුවන්නට සාකච්ඡා පැවැත්විණි.
අද 19 මෙම ජනපති සටනේ නාමයෝජනා ලබාදෙන දිනයයි. සටනට ඉදිරිපත්වන අපේක්ෂකයින් නිවැරදිවම දැනගත හැක්කේ අදයි.
ආචාර්ය හර්ෂ ද සිල්වා තැබූ සටහන පහතින්