
ලොරි රථයකට ව්‍යාජ අංක තහඩුවක් සවිකරගෙන මිනුවන්ගොඩ නගරයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණ ඩීසල් ලබා ගැනීමට යාමේ දී පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ලොරි රරියදුරුට රුපියල් 25000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී . තේනබදු මහතා පසුගිය 22 වෙනිදා නියම කළේය. මෙම දඩ මුදලට අමතරව ලොරි රථ රියදුරුගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවන ලෙසට ද අධිකරණයෙන් නියම කෙරුණි. මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බෙන්තොට ගේ දුලාන් මධුසංක නමැති ලොරි රථ රියදුරුට එසේ දඩ නියම වී රියදුරු බලපත්‍රය අත්හිටවුණි.
සැකකරු එම ඉන්ධන පිරවුම්හලින් ලොරි රථයට එක් වරක් ඩීසල් රැගෙන ගොස් නැවත වරක් එම ලොරියට ව්‍යාජ අංක තහඩුවක් සවි කරගෙන ඩීසල් ලබා ගැනීමට යාමේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවට අධිකරණයේ දී සඳහන් විය. මිනුවන්ගොඩ පොලිසියේ උප.පො.ප අබේරත්න මහතා පැමිණිල්ල මෙහෙය විය.
Comments
Post a Comment
Your comment will be visible after approval