රට පුරා යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12දා) පෙරවරුවේ සිට ආරම්භ කළ අතර, අදාළ ප්‍රවාහන ලොරි රථ GPS තාක්ෂණය හරහා නිරීක්ෂණය කෙරෙන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.එම අමාත්‍යාංශය පෙන්වා දුන්නේ, යූරියා පොහොර ප්‍රවාහනය කරන එක් ලොරියක ඇති පොහොරවල වටිනාකම රුපියල් මිලියන ගණනක් වන බැවින් ඒවා ගොවි සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන අතරතුර අක්‍රමිකතා සිදුවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.
මේ අතර අදාළ පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අන්තර්ජාතික රසායනාගාර 03කින් රසායනික වාර්තා ලැබී ඇති බවත්, එසේම පොහොරවල අඩංගු බයියුරේට් ප්‍රතිශතය 1%ට වඩා අඩු බවට එම සියලු වාර්තාවලින් තහවුරු කර ඇති බවත් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පැවසීය. කෙසේ වුවද ඊට අදාළව මෙරට ප්‍රමිති සහතිකය ලබාගැනීමට අවශ්‍ය පියවර ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් ගෙන ඇති බවත්,
ඒ අනුව එම සහතිකයද නිකුත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය. ඉන්දීය රජය විසින් මෙරටට ලබාදී ඇති යූරියා පොහොර කොළඹ වරායෙන් ගොඩබෑමේ කටයුතු පැය 24 පුරා සිදු කෙරෙන අතර, දින 10ක කාලයක් තුළ ඒවා ගොඩබෑමේ සහ බෙදාහැමේ කටයුතු අවසන් කිමට නියමිතය. යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු විධිමත්ව හා නිවැරදිව සිදුවන්නේද යන්න සහ ගොවි ජනතාවට ලබාදීම සිදුකරන්නේද යන්න විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පූර්ණ අධීක්ෂණය මත සිදු කෙරෙන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
(නිදර්ශනී වික්‍රමසිංහ)
0 Comments