කොළඹ මල්පාරේ පිහිටි අග්රාමාත්ය කාර්යාලය අරගලකරුවන් අතට පත්ව ඇතැයි පස්වරු 3 ට පමණ වාර්තා විය.මේ වනවිට එහ් තුළට අරගලකරුවන් ඇතුළු වී ඇතැයි වාර්තා වේ.
අරගලකරුවන් පවසන්නේ අගමැති (වැඩබලන ජනපති) රනිල් ප්රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වනතුරු එතැනින් පිටව නොයන බවයි.
දිගින් දිගටම බලය තබාගෙන පොහොට්ටු කණ්ඩායම ගලවාගැනීමේ මෙහෙයුමක් රනිල්ට භාරදී ඇති බවත් මෙතරම් අරගලයක් ක්රියාත්මක වෙද්දී පුද්ගලික බල කුමන්ත්රණයක නියැළෙන බවත් පවසමින් අද උදෑසන සිට දහස් ගණන් පිරිස් මල්පාරට පැමිණ එම කාර්යාලය වට කළ අතර ඊට සමගාමීව අද දින ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය වෙත ගොස් එම පරිශ්රද ග්රහණයට ගන්නට අරගලකරුවන් ක්රියාකර තිබේ.
0 Comments