flower-road-tear-gas

 මල් පාරේ අගමැති කාර්යාලය අසළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙයි.


අද (13) පෙරවරුවේ විරෝධතාකරුවන් ගාලු මුවදොර අරගල භූමියේ සිට පාගමනකින් අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ගොස් එම ස්ථානයේ විරෝධතාවයක නිරතවී ඇති අතර පිරිස පෙන්වා දුන්නේ 'අනුප්‍රාප්තික ජනපති' මුවාවෙන් අගමැති රනිල් දිගටම බලයේ සිටීමට උත්සාහ කරන කුමන්ත්‍රණයක් බවතින බවයි.
පොහොට්ටුවේ සොරුන් ඉදිරි කාලයේ ආරක්ෂා කරගැනීම සදහා පොහොට්ටු මන්ත්‍රීවරුන් ලබන බදාදා මේ වෙනුවෙන් රනිල් ජනපති කරවීමේ සූදානමක්ද පවතින බවයි.
විරෝධතාවෙන් අනතුරුව ඔවුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී  පොලිසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර තිබෙයි.