fuel-pass-code-active-july14

මේ දිනවල ලියාපදිංචිය අරඹා ඇති Fuel Pass කෝඩ් ලබාදීමේ කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතින බව තමන්ට දන්වා ඇති බවත් එය ක්‍රියාවට නගන්නට යොදගෙන ඇත්තේ ලබන 21 බපුහස්පතින්දා බවත්
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති වරයා අද මාධ්‍ය වෙත දන්වා සිටියේය.


ඉන්ධන බලපත්‍රය පෙන්වන්නන් කෝඩ් එක සමග අදාළ වාහනය රැගෙන ආ පසුව පිරවුම් හලේ සාමාජිකයාගේ ඇප් එක ඔස්සේ නිවැරදිතාව පරීක්ෂා කරගත හැකි බවත් ඒ අනුව ඉන්ධන නිකුත් කිරීම ලබන බ්‍රහස්පතින්දා (21දා) ආරම්භ කරන බවත් ඔහු කීය.
එතෙක් සිපෙට්කෝ පිරවුම්හල්වල පෝලිමේ සිටීමෙන් පළක් නොවන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති අද (18දා) පැවසීය.

බ්‍රහස්පතින්දා සිට කිව්.ආර්. කේතය සහ වාහනයේ ලියාපදිංචි අංකය අනුව පමණක් ඉන්ධන නිකුත් කරන
බවත් ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 0, 1 සහ 2 වන වාහන හිමියන් පමණක්
ලබන 21දා ඉන්ධන ලබාගැනීමට හැකි වන ලෙස එස්එම් එස් නිකුත් වනු ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය. අනෙකු අයට අදාළ අංක අනුව දින දන්වා පණිවිඩ ලැබෙනු ඇතැයිද කීය.

ලියාපදිංචි විය හැකි වෙබ් අඩවිය : http://fuelpass.gov.lk/