ඉන්ධන පෝලිම් ආශ්රිත මරණ දිනෙන් දින ඉහළ යමින් තිබෙන අතර මේ වනවිට තවත් එවැනි මරණ දෙකක් වාර්තා වී තිබේ.
ඒ අනුව ඌරගස්මංහන්දිය ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර පොතුවිල් ප්රදේශයේ පිරවුම්හලක රැදී සිටි 51 හැවිරිදි පුද්ගලයෙකු ද අද හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.
ඌරගස්මංහන්දිය ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදී සිටියදී මිගය ගිය පුද්ගලයා 81 හැවිරිදි ඔහු අහුංගල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.
මේ අතර පසුගිය 22 දා ඉන්ධන පෝලිම්වලින් පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබිණි
මතුගම – පැලවත්ත ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී ඉන්ධන ලබා ගැනීමේදී එහි සිටි පිරිස් අතර ඇති වූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබූ අතර ඔහු වලල්ලාවිට ප්රදේශයේ පදිංචි අවුරුදු 70ක පුද්ගලයෙක්.
මේ අතර කින්නියා නගරයේ IOC පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකුද හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් එදින පෙරවරුවේ ජිවිතක්ෂයට පත්ව තිබිණි.
මියගිය පුද්ගලයා කින්නියා – මුනෙයිචේනෙයි ප්රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකි.
0 Comments