fuel-social-crisis

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පෝලිම් නිසා පවුල් අවුන තත්වයක් ද උදාවී ඇතැයි පවුල් උපදේශකයෝ සහ ග්‍රාම නිලධාරීහු කියති.  ඉන්ධන ලබාගැනීමට දින ගණනාවක් තිස්සේ පෝලිමේ රැඳී සිටින ඇතැම් තරුණ කාන්තාවන් පෝලිමේ සිටින ඇතැම් පිරිමින් සමග මිතුරුවී

පසුව එය අනියම් සබඳතා බවට පත් කර ගන්නා තත්වයට පත්වූ අවස්ථා වාර්තාවන බව කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරිහු කීපදෙනෙක් සහ පවුල් උපදේශක නිලධාරියෙක් පැවසූහ.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකින් මෙවැනි සබඳතා නිසා ඇතිවූ පවුල් ආරවුල් වාර්තාවූ බවත් සාකච්ඡාකර ඒවා සමථයට පත් කළ බවත් පවුල් උපදේශක නිලධාරිහු සහ ග්‍රාම නිලධාරිහු පැවසූහ. දින කීපයක් තෙල් පෝලිමේ රැදී සිටින විට කතා බහ කර මිත්‍රත්වයක් ඇති වන  අතර පසුව කෑම බීම පවා හුවමාරුකර ගන්නා ඇතැම් පිරිස් තෙල් පෝලිමේ දී හාද වන අය සමග යන අවාසනාවන්ත තත්වයක් ඇති නිසා ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමේ දී මේ පිළිබඳවද අවධානයෙන් පසුවන ලෙස පවුල් උපදේශක නිලධාරිහු ජනතාවගෙන් ඉල්ලති.


-ලක්මි කුඩලිගම-