fuelpass-gov-lk

අලුතින් හඳුන්වාදෙනු ලැබූ ඉන්ධන බලපත්‍ර කුමය අනුව වාහන ගණනාවක් භාවිත කරන ව්‍යාපාර සඳහා වෙනම කේතයක් ලබා දෙන බවත් ඒ සඳහා ව්‍යාපාර ලියාපදිංචි සහතිකය මත පදනම්ව ලියාපදිංචි කිරීමට අපේක්ෂා කරන බවත් බලශක්ති ඇමති කංචන විජේසේකර දන්වා සිටියි.


මෙම ක්‍රමය දින කිහිපයකින් හඳුන්වා දෙනු ඇති අතර ඊයේ ඇමති දන්වා සිටියේ ව්‍යාපාරයකට වාහන ගණනාවක් හිමි නම් අදාළ රියදුරන්ගේ නම් වලින් ලියාපදිංචි විය යුතු බව වුණත් එය වෙනස්වනු ඇත.
මේ අතර ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ සඳහා ලියාපදිංචිවීමේ දී පැවති තාක්ෂණික දෝෂයන් මේ වනවිට නිරාකරණය කර ඇති බවද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ආරම්භක මොහොතේදී බොහෝ පිරිසක් එකවර ලියාපදිංචිවීමට උත්සාහකිරීම නිසා වෙබ් අඩවිය යම් තාක්ෂණික දෝෂයකට ලක් වූ අතර
ඕටීපී අංකය නොලැබී යාම,ප්‍රමාදවී ලැබීම, චැසි අංකය හා වාහන අංකය නොගැළපෙන බවට දෝෂය හෝ නැතිනම් කිසියම් දෝෂයක් ඇති බවට විවිධාකාර පණිවිඩ ලැබී ඇති අතර ඇතැම් පාරිභෝගිකයින් නැවත නැවත උත්සාහ කර ලියාපදිංචිය ලබා ඇතත් ඇතැමුන්ට මේ වනතුරු එය ලබාගැනීම දුෂ්කර වී තිබේ.


තාක්ෂණික දෝෂයන් නිරාකරණය කර මේ වනවිට වෙබ් අඩවිය යථා තත්ත්වයට පත්කර තිබෙන බව ඇමතිවරයා දන්වා ඇත.

වාහන වලට ඉන්ධන සැපයීමේ අලුත්ම ක්‍රමය සඳහා ලියාපදිංචි විය හැකි වෙබ් ලිපිනය මෙසේය.
http://fuelpass.gov.lk/