
ගාල්ල, මාගාල්ල ප්‍රෙද්ශයේ ඉන්ධන පෝලිමකදී ඊයේ (08) රාත්‍රි දෙපිරිසක් අතර ඇතිවුණ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.
මියගොස් ඇත්තේ හබරාදුව වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි සරසවි ශිෂ්‍යයෙකි.
තුවාල ලැබුවන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
ඊයේ රාත්‍රි 7.00ට පමණ ඉන්ධන පෝලිමට පැමිණි පුද්ගලයෙකු තම මෝටර් රථය මිතුරෙකුගේ වෙළඳසලක් ඉදිරිපිට ඉඩ තිබූ ස්ථානයකින් පෝලිමට ඇතුළු කර තිබේ.
වාහනය ඉන්ධන පොලිමට ඇතුළු කිරිමට උත්සාහ කළ අවස්ථාවේ පෝලිමේ පිටුපස සිටි පිරිසක් එයට විරෝධය පළ කර ඔහු සමග ගැටුමක් ඇතිකර ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, දෙපිරිස අතර ඇතිවූ බහින් බස්වීමෙන් පසු සිදු කළ පහරදීමකදී සරසවි සිසුවා මියගිය බවයි. පෝලිමේ සිටි තිදෙනෙකුද පහරදිමට පැමිණි කණ්ඩායමේ එක් අයෙකුද බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මෙම තරුණයා මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි සරසවි සිසුවෙකි.




Comments
Post a Comment
Your comment will be visible after approval