galle-face-protest-teargas-july9

අද දින කොළඹට පිරිස් එක්වී සිදුකරන විරෝධතාව වැළැක්වීමට පොලිසිය ඉහළින් ආ උපදෙස් පරිදි කිසිදු හේතුවකින් තොරව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු වාර්තා විය.



අවස්ථා කිහිපයකදීම කොළඹ චැතම් වීදියේ එකතුවූ පිරිසට කඳුළු ගෑස් එල්ල කළද ටික වේලාවකින් පිරිස නැවත සක්‍රීයවී තවත් අළුත් පිරිස් එක්වී එම ස්ථාන වටළා විරෝධය පළ කරමින් සිටී. දිගින් දිගටම විශාල පිරිස් පැමිණීම හේතු කරගෙන පොලිසියට හෝ හමුදවට පිරිස පාලනය කරගන්නට බැරි බව පෙනී යයි.
මේ අතර ගාලු මුවදොර ගෝඨාගෝගම පරිශ්‍රය අසළදීත් කදුළු ගෑස් ප්‍රහාර කිහිපයක් වාර්තාවී ඇත. නමුත් එම ස්ථානයේ සිට සජීවී රුප හෝ දුරකථන සම්බන්ධතා පවත්වන්නට සමාජ මාධ්‍ය යන්ට හෝ මාධ්‍ය ආයතන වෙත බැරිව ගොස් ඇත්තේ 'සිග්නල් ජෑම්' උපකරණ මගින් වොයිස් හා ඩේටා කපා හැර අවහිර කර ඇති බැවිනි.