galle-magalle-accident

අද (ජූලි 18) දහවල් මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ ශීඝ්‍රගාමි දුම්රිය ගාල්ල වරාය පොලිස් වසමේ, මාගාල්ල දුම්රිය හරස් මාර්ගයේ දී  මෝටර් රථයක ගැටී සිදුවූ ඇනතුරින් ගැබිණි මවක හා වයස 7 දැරියක ජීවිතක්ෂයට පත්විය. ගමන් කළ ඉතිරි අය බරපතල තත්වයෙන් රෝහල් ගත කෙරිණි.
එක ම පවුලේ ඥාතීන් හය දෙනෙකු මංගල උත්සවයකට සභාගි වීමට යමින් සිටියදී මෙලෙස දුම්රියේ ගැටී තිබුණි.
මාගාල්ලේ හෝටලයක පැවති මංගල උත්සවයට මෙම පිරිස මෝටර් රථයකින් පැමිණ ඇති අතර හෝටලය ආසන්නයේදී ම දුම්රියේ ගැටිණි.ස්ථානයේ දුම්රිය ගේට්ටුවක් නොමැති බව ත් ආලෝක සංඥා පද්ධතියක් පමණක් ඇති තැනක් බවත් වාර්තා විය.

මෝටර් රථයේ රියැදුරු වර්ණ සංඥා දැල්වෙමින් තිබියදී අනාරක්ෂිත ලෙස මෝටර් රථය ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවපොලිසිය සඳහන් කර ඇත.

අනතුරින් එහි ගමන්ගත් හත් හැවිරිදි ගැහැණු දරුවා සහ ගැබිණි කාන්තාක මිය ගොස් ඇති අතර අනෙක් සිව් දෙනා බරපතළ තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව වරාය‍ පොලිසිය සඳහන් කර ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ගාල්ල – ගොඩකන්ද ප්‍රදේශයේ පදිංචි පිරිසකි.