gampola-bus-two-death

ගම්පොල කාච්චමලේ වීඩන් ප්‍රදේශයේදි බස් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන අතර පසුව ප්‍රදේශ වාසීන් එම බසය ගිනි තබා තිබේ.

ගම්පොල කාච්චමලේ වීඩන් ප්‍රදේශයේදි බස් රථය අනතුරකට ලක්වී තිබේ.

පොලීසිය පැවසුවේ පුස්සැල්ලාව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලයික බස් රථය ගමන් ගත් බවත්  රථය මාර්ගයෙන් ඉවතට පැන පැති බැම්මට හේත්තු වීමත් සමග පාපුවරුවේ ගමන් කළ දෙන්නෙකු ඊට සිරවීමෙන් මියගොස් ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 80දෙනෙකු පමණ අධික පිරිසක් ගමන් කොට තිබෙයි.
මේ දිනවල පවති පොදු ප්‍රවාහන ගැටලු හේතවෙන්  බස් රථයේ දොරේ එල්ලී පැමිණ ඇති ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් දෙදෙනා නිකරුනේ මියයාම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් වරද පටවා ඇත්තේ රියදුරුටයි. ඔහු අනතුරින් පසු ගුටී කෑ අතර පසුව බස් රථයට ගිනි තැබීමට ප්‍රදේශ වාසීන් කටයුතු කර තිබේ.
ගිනි තැබීම නිසා බස් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.