gotabaya-arrest-international-warrent

 ජනතා විරෝධය හමුවේ රටින් පැනගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සියලුම ප්‍රශ්න මතුකිරීමට වගකිව යුතු බව වාර්තාවී ඇති බවත් ඔහුට එලෙස පැනයාමට හැකියාවක් නැති බැවින් ජාත්‍යන්තර වරෙන්තුවක් මත අත්අඩංගුවට ගතයුතු බව බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි එරට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.





ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත ඔහු යෝජනා කළේ ජාත්‍යන්තර වරෙන්තුවක් මත හෝ ඔහු අත්අඩංගුවට ගතයුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ගත් වැරදි ආර්ථික ප්‍රතිපත්ති, බදු කප්පාදු, අධික ආරක්ෂක වියදම්, දූෂණ-වංචා, වර්තමානයේදී ඇතිව තිබෙන බිහිසුනු ව්‍යසනකාරී තත්වයට සෘජුව හේතු වූ බව පෙන්වා දෙන ලිබරල් ඩිමොක්‍රටික් නායකයා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට සෘජුව වගකිව යුතු බවයි. ඔහු පමණක් නොව ඔහුගේ හිතවතුන් ඇතුළු අර්බුදයට වගකිව යුතු සියලුදෙනා අත්අඩංගුවට ගතයුතු බවද එඩ් ඩේවි සඳහන් කරයි.

ජාත්‍යන්තර වරෙන්තුවක් හරහා රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා බ්‍රිතාන්‍යය මැදිහත් වියයුතු බවත්, ඉන් නොනැවතී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහාය වීම සඳහා පූර්ණ ආර්ථික හා දේශපාලන විසඳුමක් වෙනුවෙන් බ්‍රිතාන්‍යය පෙනී සිටිය යුතු බවද ඔහු අවධාරණය කරනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහන පැකේජයක් ලබා ගැනීම සඳහා මැදිහත්වීම ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවට යළි නැගී සිටීමට අවශ්‍ය සියලු සහයෝගය ලබාදිය යුතු බවද ලිබරල් ඩිමොක්‍රටික් නායකයා සඳහන් කරයි. video below