මේවනවිට මාලදිවයිනේ රැඳී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලේ සිට සිංගප්පූරුව බලා යාමට නියමිතව තිබූ සිංගප්පූරු ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් නැති බව වාර්තා විය.
ඒ වෙනුවට පෞද්ගලික ගුවන් යානයකින් ගමන් කිරීමට බලා සිටින බව රාත්‍රී ලැබුණ ආරංචි මගින් වාර්තා වේ.
මාලදිවයිනේ ආරංචි මාර්ග පැවසුවේ රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා සමඟ අද රාත්‍රියේ මාලේහි වෙල්නා ගුවන් තොටුපළේ සිට සිංගප්පූරුව දක්වා SQ437 යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාමට අපේක්ෂා කළ නමුත් ආරක්ෂක හේතූන් මත ගුවන් යානයට ගොඩ නොවූ බවයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා පෞද්ගලික ගුවන් යානයක් ලබා ගැනීමට දැන් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
අද දහවල් ගෝඨාභය මාල දිවයිනේ රැඳී සිටිම සම්බන්ධයෙන් එරට ලාංකිකයින් විරෝධයක් පැවැත්වූ අතර පසුව පිරිසක් අත්අඩංගුවට ගෙන එය නිමාවට පත් කර තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ මාලදවයිනේ වැඩි කලක් රැඳී සිටීමට අපේක්ෂා නොකරන බවටත් ඔහු සිංගප්පූරුව හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකවරණය පිණිස අබුඩාබි බලා යනු ඇති බවටත් වාර්තා පළව තිබේ.
0 Comments