gotabaya-president-fund

වෛද්‍ය ශල්‍යකර්ම සඳහා සහ අඩු ආදායම් ලාභීන්ට සහන ලබා දෙන ජනාධිපති අරමුදලේ රුපියල් බිලියන 4ක් තිබියදී පසුගිය වසර දෙක තුළ ක්‍රියාත්මක නොවූ බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අද (31) පළවූ සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත පවසා තිබේ.


එහි ප්‍රතිඵලයක් වශයෙන්, සිදු කරන ලද හෝ යෝජිත සැත්කම් සඳහා අරමුදල් සොයන අය ඇතුළු අයදුම්පත් 7,000 ක් පමණ අත්හිටුවා ඇත.
සාමාන්‍යයෙන් රටේ වසංගතයක් හා සෞඛ්‍ය අර්බුදයක් පැවති අවස්ථාවක සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් ජනපති අරමුදලේ මුදල් ලබාගැනීමට බොහෝ අයට අවශ්‍යතා පැනනැගී තිබුණත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් උනන්දු වී නැති බව ඒ අනුව හෙළිවේ.


මේ වනවිට එම අංශය භාර අතිරේක ලේකම්වරයකුගේ ක්‍රියාකලාපයට මෙම අඩු උනන්දුවට බලපා ඇති බව අනාවරණය වන අතර ඔහු මේ වනවිට මාරුකර යවා ඇති බවත් තවත් නිලධාරියකුට එම රාජකාරිය භාර දී ඉදිරි මාස තුන තුළ එම හිඟය ඉවත් කරන ලෙසට උපදෙස් දී ඇති බවත් වාර්තාවේ.
අඩු වරප්‍රසාද සහිත දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීමට ද උපදෙස් ලැබී ඇත.
හඳුන්වාදීමට නියමිත අනෙකුත් වෙනස්කම් අතර අයදුම්කරුවන්ට තම ඉල්ලීම් අන්තර්ජාලය හරහා යැවිය හැකි ක්‍රමයක් ද  තිබෙන බව වාර්තා කර ඇත.