කථානායක නිල නිවසේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා එවූ නිල නිවේදනය  නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙළේය.
ඒ අනුව වැඩබලන ජනපතිවරයෙකු අද දිනයේත් අනුප්‍රාප්තික ජනපති වරයෙකු ලබන සතියේත් පත්කරන බවත් ලබන සෙනසුරාදා විශේස පාර්ලිමේන්තු රැස්වීමක් පවත්වා මෙම කටයුතු ඉක්මන් කරන බවත් දැනුම් දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ මුල්වරට ඉල්ලා අස්වූ සහ ධූර කාලයට පෙර ඉවත්වන්නට සිදුවූ මුල්ම විධායක ජනපතිවරයා බවට පත්විය.
ජනතා අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට මෙලෙස තනතුර හැරයන්නට සිදුවිය.






කතානායක නිවේදනය video පහතින්