ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් භාරදී නොමැති බව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද 14 උදෑසන ප්‍රකාශ කළේය.
ඔහු ඊයේ කියා සිටියේ 13 රාත්‍රී 8 ට පෙර අනිවාර්යෙන් ඉල්ලා අස්වන ලියුම එවන බව කියූ බවකි.
මෙම ලියුම එවන්නට යන්නේ ඊමේල් පනිවිඩයක් ලෙසය. මාලදිවයිනේ සිට ඔහුට එය එවන්නට ගතවන්නේ මිනිත්තු දෙක තුනක කාලයක් පමණි.
මෙවැනි ක්‍රියාදාමයක් මත ජනපති ඉල්ලා අස්වීම ‘පමාකිරීමක්‘ නැතහොත් හිතාමතා මගහැරීමට උත්සාහ දැරීමක් මේ අනුව පෙන්නුම් කරයි.
මෙම ලියුම ගසන්නට ජනපතිට සිංගප්පූරුව දක්වාම යායුතු බවට ඊයේ මාධ්‍ය ඔස්සේ පැතිරගිය ආරංචියද තරමක විහිළු සහගත එකක් වූ අතර අද උදේ වනවිටත් ඔහු සිංගප්පූරු ගොස් නොතිබීම මත ලියුම එවන්නට පමාවීම සාධාරණීකරණය කර තිබේ.
පෙර ප්‍රකාශ කළ පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ 13 සිය ඉල්ලා අස්වීම භාරදීමට නියමිතව තිබු අතර අරගලයේ නියුතු වූවන් 13 වනදා සවස කතානායකවරයා සන්සුන් කලේ එම පනිවිඩය සමගිනි.
ශ්‍රී ලංකාවේ ඇති වූ මහජන නැගිටීමත් සමඟ ජනාධිපතිවරයා මාලදිවයිනට පලා යාමෙන් පසු 'ජනපති රට ගිය නිසා වැඩ බලන කෙනෙකු පත්කරන බව' පවසමින් කතානායක කටයුතු කිරීම තරමක ව්‍යාකූල වන අතර වැඩබලන්නෙකු සඳහා ලියුම ගසන්නට ජනපතිට බැහැර සිට වේලාව තිබුණත් අස්වන්නට වෙලාවක් තිබී නැත.
අදාළ ගැසට් නිවේදනයද ඊයේ රෑම නිකුත් විය.
ඒ අනුව පෙන්නුම් කරන්නේ ජනපතිවරයා - කතානායක හා අගමැතිවරයා අතර කිසියම් කුමන්ත්රණකාරී උපායකට අනුව වැඩ සිද්ධවන ආකාරයකි.
සාමකාමී බලහුවමාරුවකට තවමත් සූදානම් නැති ආකාරයකි.
0 Comments