habaraduwa-death

හබරාදුව මැටරඹ ප්‍රදේශයේ පුද්ගලික නිවසක සිටි විදේශීය කාන්තාවක් නිවස තුලදී අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්වූ සිද්ධියක් ඊයේ (20දා) වාර්තාවූ බව හබරාදුව පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ, 60 හැවිරිදි 

ජර්මන් ජාතික කාන්තාවකි. මරණකාරිය මෙම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර,වරින් වර ජර්මනියට ගොස් මෙරටට පැමිණ මෙම නිවසේ ගත කොට ඇති බවත්, ඇය අවසන් වරට නිවසේ සිට මීට සති දෙකකට පමණ ඉහතදි මෙරටට පැමිණ ඇති බවද පරික්ෂණවලදි අනාවරණය වී තිබේ.මියගිය විදේශිය කාන්තාවගේ මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු ඊයේ 20දා ගාල්ල කාරාපිටිය ශික්ෂණ රෝහලේදි පැවැත්වීමට නියමිතව තිබුණි.සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.