ඊයේ (14දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලීමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමී මහතා මෙසේ කීය.
"අද සියලුදෙනාම ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා රටේ මොනවාද සිදු වෙන්නේ කියලා. රට ඉතාමත් භයානක තැනකට යමින් තිබෙනවා. භයානක තැනකට යනවාට වඩා රාජපක්ෂවරුන් විසින් භයානක තැනකට තල්ලු කරනවා, ඇයි ගෝඨාභයට යන කීයද්දි රනිල්ටත් යන්න කියලා කිව්වේ රනිල්ටත් යන්න කිව්වේ වෙන කාරණාවක් නිසා නෙවෙයි. රාජපක්ෂ පවුල ආරක්ෂා කරන ආරක්ෂකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ ආපු නිසා. ඒ නිසා එතුමා දැනගන්න ඕන අග්‍රාමාත්‍ය ධුරයේ ඉදගෙන ජනාධිපති ලෙස වැඩ බැලුවට සමස්ත රටේ ජනතාවගේ කිසිදු විදියක කැමැත්තක් හෝ ආශිර්වාදයක් එතුමාට කථානායකතුමාට මේ අවස්ථාවේ විශාල වගකීක් තිබෙනවා කරන්න.
කථානායකතුමාගෙන් අපී විශේෂ ඉල්ලීමක් කරනවා. කරුණාකරලා රටත් එක්කත්, ජනතාවත් එක්කත් තවදුරටත් සෙල්ලම් කරන සුදානම්වෙන එපා, වහාම ඔබතුමාට ව්‍යවස්ථාවෙන් ලැබිලා තිබෙන බලයත් එක්ක පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ආරක්ෂා කරන ගමන් රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් හයට ඉෂ්ඨ කරන්න කියලා අපි ඔබතුමාට කියනවා. ඔබතුමා ඇතැම් වෙලාවට කරන කතා නිසා මේ රටම ගිනි ගන්න පුළුවන්. ඒ නිසා කථානායකතුමා මාධ්‍ය හරහා ඇවිත් කතා කරද්දිත් ඉතාමත්ම වගකීමෙන් කතා කළ යුතුයි කියන එක විශේෂ පණිවිඩයක් ලෙස සම්ගි ජන බලවේගය ලබා දෙනවා.
තව රූකඩයෙක් ජනාධිපති ලෙස පත් කරලා බලය පවරාගෙන, ඒබලය පාවිච්චි. කරන්න හදනවා රටේ අහිංසක ජනතාව වැඩපවත්වන්න එහෙම කරන්න බැහැ"
0 Comments