ioc-fuel-limited-for-industrial

රට තුළ පවතින ඉන්ධන හිඟ තත්වය හමුවේ දෛනික ඉන්ධන බෙදාහැරීම සීමා කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන තිබේ.


ලංකා IOC පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීම ‘කර්මාන්ත ක්ෂෙත්‍රය‘ සදහා පමණක් සීමා කර ඇති බව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ප්‍රකාශ කර තිබේ.
මෙම තත්වය ලබන (11) සඳුදා දක්වාම පවතිනු ඇති බවත් වෙනදා ඉන්ධන නිකුත් කළ වාහන සඳහා පෙර පරිදි ඉන්ධන ලබාදීම සඳුදා පෙරවරුවේ සිට අරඹන්නට අපේක්ෂා කරන බවත් ඔහු පවසා සිටියි.


මේ වනවිට සිපෙට්කෝ ඉන්ධන හල් ඉන්ධන බෙදාහැරීම මුළුමණින් පාහේ අඩාලව පවතින අතර ඇමති කංචන පවසා සිටියේ අද ඩීසල් නැවක් එන බවයි.
සිපෙට්කෝ හා අයිඕසී ඉන්ධන පිරවුම් හල් ද්විත්වයම සාමාන්‍ය වාහන සදහා ඉන්ධන නිකුත් කිරීම නවතා ඇති නිසා ගමනාගමන කටයුතු මේවනවිට අඩාලවී ඇත.