අද (8) උදෑසන ජපානයේ නාරා නුවරදී එරට හිටපු අගමැති හා ජනප්‍රිය දේශපාලකයෙකුවූ ෂින්ෂො අබේ හට එල්ලවූ වෙඩි ප්‍රහාරය නිසා ඔහු මියගිය බව නවතම වාර්තා පෙන්වා දෙයි.
ඔහුගේ ගෙලට හා හෘදයට වෙඩි දෙකක් වැදුණ බවත් මේ හේතුවෙන් හදිසි හෘදයාබාධයක් හටගත් බවත් මේ ගැන විස්තරකරන විශේෂඥ වෛද්‍යවරයා මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීය.
නාරා විශ්වවිද්‍යාලයිය රෝහලේදී අබේ බේරාගැනීමට අතිමහත් සටනක නිරතවූවද ඇතිව තිබූ තුවාල හා ලේගැලීම් පාලනයට විකල්පයක් නොවූ නිසා ඔහු මියගිය බව දන්වා සිටියේය.
වෙඩි වැදී පැය 5.30 ක පමණ සටනකින් පසු ජපාන වේලාවෙන් සවස 5 ට පමණ ඔහු මියගියේය.
67 හැවිරිදි හිටපු අගමැතිවරයාට ප්‍රහාරය දියත් කලේ 41 හැවිරිදි එරට නාවුක ජීවිතාරක්ෂක බලකායේ සේවය කරන්නෙකු බව වාර්තාවේ. ඔහු ෂින්ෂෝ අබේ හට දක්වන නොකැමැත්ත මත ප්‍රහාරය එල්ල කළැයි අත්අඩංගුවට පත්වූ පසු දන්වා තිබේ.ඔහු වෙඩි තබන්නේ තමාම නිර්මාණය කරගත් ගිනි අවියකින් බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇති මෙම සිද්ධියේ අලුත්ම තත්වය ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 2 ට ජපානයේ එන්එච්කේ,ජර්මනියේ ඩීඩබ්ලිව් හා දෝහා සිට ක්‍රියාත්මක අල්ජසීරා මගින් වාර්තාකළ අයුරු වීඩියෝ පහතින්
0 Comments