joe-biden-israil

මැදපෙරදිග සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (14) ඊශ්‍රායලයට පැණියෙය. ඇමෙරිකන් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඊශ්‍රායලයේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන යාර් ලුපිද් විසිනි. ඊශ්‍රායලය දේශපාලන අර්බුදයක පැටැලී සිටින අතර, කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැත. මෙම වසර අවසානයේ ඊශ්‍රායලයේ යළි මහ මැතිවරණයක් පැවැත්වෙන අතර එතෙක්, අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ යාර් ලුපිල් ය. ඊශ්‍රායල අන්තර්වාර අග්‍රාමාත්‍ය ලුපිද් පමණක් නොව, බටහිර ඉවුරේ පලස්තීන නායකයන් හමුවීමට ද බයිඩන් සූදානමින් සිටී. ඩිමොක්‍රටික් ජනාධිපති බැරැක් ඔබාමා ධුරය හොබවද්දී, ඔබාමාගේ දෙවැනියා, එසේත් නැතිනම් ඇමෙරිකා උප ජනාධිපතිවරයා වූයේ බයිඩන්ය.



ඔබාමා පාලන සමයේ ඔබාමා මැදිහත් වී ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අවුලට විසඳුම් ලබා දීමට උත්සාහ ගත්තේයෙ. කෙසේ නමුත් ඔබාමාගෙන් පසු බලයට ආ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පලස්තීනුවන් අමතක කර සෘජුව සහාය දැක්වූයේ ඊශ්‍රායලයටය. එවකට ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ බෙන්ජමින් නෙදන්යාහුය. පලස්තීනුවන් ද අයිතිය ඉල්ලන ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස නිල වශයෙන් නම් කළේ ද ඩොනල්ඩ් ට්‍රම්ප්ය.ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ 2021 දීය. එදා සිට ඔහු ඊශ්‍රායල පලස්තීන අර්බුදයට මැදිහත් නොවුණු බව පලස්තීනුවන් චෝදනා නගා තිබේ. බයිඩන් පලස්තීන නායකයන් හමුවීමට සුදානමින් සිටින්නේ එසේ චෝදනා එල්ල වන අවස්ථාවකය.

ඇමෙරිකන් ජනාධිපති ලෙස ජෝ බයිඩන්, මැදපෙරදිග සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මෙම සංචාරයේ දී බයිඩන් ඊශ්‍රායලයේ පමණක් නොව, සෞදි අරාබියේත් සංචාරය කිරීමට නියමිතය. බයිඩගේ මෙම සෞදි සංචාරය ආන්දෝලනාත්මක එකක් වනු නිසැකය. තමන් සෞදියේ සංචාරයකට යන බව නිවේදනය කළ අවස්ථාවේ පටන් ඇමෙරිකා දේශපාලනයේත්, ජගත් දේශපාලනයේත් වැඩි අවධානයක් ඊට යොමු වී තිබේ. 2018 දී ඇමෙරිකන් තීරු ලිපි රචකයකු වුණු සෞදි ජාතික මාධ්‍යවේදී, ජමාල් කශොග්ජ්, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ දී ඝාතනය විය.

ඔහුගේ සිරුර අතුරුදන් කිරීමට පවා එතකයෝ සමත් වූහ. කශෝග්ජි සෞදියේ සල්මාන් කුමරු දැඩි ලෙස විස්වේචනය කළ අයෙකි. කශෝග්ජිගේ ඝාතනය සිදුවූයේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අනුදැනුම මත බව තුර්කි රජය විසින් තහවුරු කරනු ලැබුණි. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ සිටි රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ සෞදිය හෝ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් හෝ අමනාප කර ගැනීම කළ නොහැකි බවය.

මෙය එවකට ප්‍රතිවාදීන් වූ ඩිමොක්‍රටික්වරුන්ගේ දැඩි විරෝධයට පවා හේතුවක් විය. සෞදිය දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළත්, ඒ ගැන කිසිදු අවධානයක් යොමු කිරීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළේ ද නැත. 2019 වසරේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරග වදිද්දී බයිඩන් ප්‍රතිඥා දී තිබුණේ කශෝග්ජි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියට වන්දි ගෙවීමට සලස්වන බවය. ඝාතනයට ලක් වෙද්දී සෞදියෙන් පිටුවහල් වී සිටි කශෝග්ජි ඇමෙරිකාවේ "වොෂින්ටන් පොස්ට්' පුවත්පතේ තීරු ලිපි රචකයකු ලෙස කටයුතු කරන්න විය.