julie-chung-ranil

ඊයේ රාත්‍රී ගෝල්ෆේස් අරගල භූමියේදී ඇතිවූ කලබලකාරී තත්වය ගැන මේ වනවිට ජාත්‍යන්තර අවධානය පවා යොමුව ඇති අතර මේ සම්බන්ධයෙන් කථාකිරීමට අද දින සවස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජුලි චන්ග් මහත්මිය ජනපති රනිල් හමුවීමටද ගොස් තිබේ. එසේ හමුවී

පැමිණි ඇය ඒ සම්බන්ධයෙන් මෙලෙස ට්විටර් සටහනක් තබා ඇත.



'මා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හමුවුණා. බලයට පත්ව එක රැයකින් විරෝධතාකරුවන්ට එරෙහි ඇති කළ ප්‍රචණ්ඩත්වය ගැන මා කතා කළා. එය අනවශ්‍ය දෙයක් වීම සහ සහ දරුණු තත්වයට හැරීම පිළිබඳව මගේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කළා.
 
යහපත් අනාගතයක් සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු පවතින අතර එම ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් සහ වගකීමක් ඇත. මෙය පුරවැසියන් මර්දනය කිරීමට කාලය නොවේ, ඒ වෙනුවට රජයට ගත හැකි ක්ෂණික හා ප්‍රත්‍යක්ෂ පියවර දෙස  ජනතාව බලා සිටියි. ජනතාවගේ විශ්වාසය නැවත ලබා ගැනීමට, ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහ ආර්ථිකය යළි ගොඩනැගීමට උනන්දු වන්නේ නම් අගනේය.'