july-09-protest

සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා නොදෙන්නේ නම් ලංගම සේවකයින් සේවයෙන් ඉවත්වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පවසයි.



ඔහු ප්‍රකාශ කළේ ලංගම සේවකයින් රාජකාරී සඳහා කැඳවීමට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් අද උදෑසන ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් අපොහාසත් වන්නේ නම් අද දහවල් 12.00න් පසු සේවයෙන් ඉවත්වන බවය.

එසේම ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳ අවධානය යොමුකරමින් උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පෞද්ගලික බස්රථ ධාවනය සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

කාර්ය මණ්ඩලය හිග වීම හේතුවෙන් අද දිනයේ දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන ගාමිණී සෙනෙවිරත්න මහතා පවසා තිබේ.


දුම්රියේ දෙපාර්තමේන්තුවේ සියලු දෙනාට අද සවස් වන විට ඉන්ධන ලබා දීමට අපේක්සා කරන බව ඔහු පැවසීය.

මේ වනවිට ඉන්ධන නිකුත් කිරීම සිපෙට්කෝ හා අයිඕසී පිරවුම් හල් ද්විත්යම නවතා ඇති අතර මේ නිසා සාමාන්‍ය වාහන සඳහා ගමනාගමනය අපහසුතා ඇතිව තිබේ.
ලබන 9 වනදා කොළඹ පැවැත්වෙන විරෝධතාව කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම බාධක අදාළ ප්‍රවාහන බලධාරීන් යොදා ඇති බවට සමාජ මාධ්‍ය තුළ චෝදනා පළවේ.