july-20-ranil-president
ප.ව. 12.48
ජයග්‍රහණයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතාවක් පවත්වමින් සියල්ලන්ට ස්තූති කළ අතර සියල්ලන්ට පක්ෂ භේද නොතකා රට ගොඩනැගීමට එක්වන්නැයි ඉල්ලා සිටියේය.
තමාට ජනපති ලෙස දිවුරුම් දීමට පාර්ලිමේන්තු පරිශ්‍රය ලබාදෙන්නැයිද ඉල්ලීමක් කළේය.
ප.ව. 12.40
ඡන්ද ගණනය අවසන් වීමෙන් පසු ඡන්ද ප්‍රතිඵලය මහලේකම්වරයා ප්‍රකාශයට පත් කරන ලදි.
ඒ අනුව ප්‍රකාශිත වලංගු ඡන්ද 219 න් ඡන්ද  134 ක් අපේක්ෂක රනිල් වික්‍රමසිංහටද ඡන්ද 82 ක් අපේක්ෂක ඩලස් අලහප්පෙරුමටද ඡන්ද 03 ක් අපේක්ෂක අනුර කුමාර දිසානායකටද හිමිවී තිබේ.
ඒ අනුව වැඩි ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ජනපති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්ව තිබේ.
ප.ව. 12.12
ඡන්ද 04 ක් අවලංගු බවට තහවුරු විය. ඒ අනුව නොපැමිණි 02 ක්ද තිබුණ නිසා අද ජනපති විමසුම ඡන්ද 219 ක් තුළින් විමසන්නට සිදුව ඇත. ගණනය ආරම්භ කර තිබේ.
පෙ.ව. 11.49
ඡන්ද ගණන් කිරීම ඇරඹිණි මුලින් පරීක්ෂා කරන්නේ වලංගුද නැද්ද යන්නයි.
පෙ.ව. 11.45
ඡන්ද පොළ නියෝජිතයින් හැටියට රනිල් අපේක්ෂකයා හරින් ප්‍රනාන්දුත්,ඩලස් අපේක්ෂකයා ඩිලාන් පෙරේරාත් නම්කළ අතර අනුර කුමාර අපේක්ෂක වෙනුවෙන් විජිත හේරත්ව නම් කෙරිණි.
පෙ.ව. 11.44
ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් විය.
සෙල්වරාජා ගනේෂන් හා ජීජී පොන්නම්බලම් යන දෙන්නාගෙන් නම් නැවත අඩගැසුවත් ඔවුන් අද පැමිණ නැති බව තහවුරු විය.
පෙ.ව. 11.22
රෝගීව සිටින ඩී වීරසිංහ මන්ත්‍රීවරයා දෙන්නෙකුගේ වාරුවෙන් පැමිණ ඡන්ද ප්‍රකාශ කළේය,
පෙ.ව. 11.21
මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සහය ඇතිව පැමිණ ඡන්ද ප්‍රකාශ කළේය,
පෙ.ව. 11.12
රෝහලේ සිට පැමිණ සමන් ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කළේ සේලයින් බට සමගිනි.ඔහුට යළි ඉක්මණින් රෝහලට යාමට අවසරය ලබාදෙන ලදි.
පෙ.ව. 11.10
ජී ජී පොන්නම්බලම් මන්ත්‍රීවරයා අද පැමිණ නැති බව නම් අඩගැසීමේදී හෙළි විය. (ඔහු ඊයේ ප්‍රකාශ කර තිබුනේ ඡන්දය ලබා නොදෙන බවයි)
පෙ.ව. 10.23
ඡන්ද විමසීම ආරම්භ කෙරේ
පළමු ඡන්දය ලබාදීමට කතානායක වරයාට අවස්ථාව සලසන ලදි. (අද දින 225 දෙනාම ඡන්දය ලබා දෙති)
දෙවනුව රනිල් වික්‍රමසිංහ අගමැති  වැඩබලන ජනපතිගේ නම කියැවිණි. 
පෙ.ව. 10.15
හිස් ඡන්ද පෙට්ටිය සැමට ප්‍රදර්ශනය කිරීම සිදුවිය.
පෙ.ව. 10.08
පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට සූදානම් කරන්නට මිනිත්තු 5 ක් කැඳවීමේ සීනුව නාද කරන අතර ඒ අතර කාලයේ සේවක මහතුන් ඡන්ද විමසීම සිදුකරන ස්ථානය සකස් කරමින් සිටී
පෙ.ව. 10.05
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන ජනපති තේරීමේ ඡන්ද විමසීම ගැන පැහැදිලි කිරීමක් කළේය
පෙ.ව. 10.00
පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කරමින් කතානායකවරයා අද දිනට නියමිත ඡන්ද විමසීම ගැනත් එහි නීති රීති ගැනත් පැහැදිලි කිරීමක් කළේය.