ඉන්ධන බෙදාහැරීමේදී පැවති අසාර්ථක ටෝකන් ක්‍රමය වෙනුවට අද සිට ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පියවර ගෙන තිබේ.
අමාත්‍යවරයා පැවසුවේ, ඒ යටතේ එක් අයෙකුට සතියකට අවශ්‍ය ඉන්ධන එක් වරකට එක් වාහනයකට සලාක ක්‍රමයක් යටතේ ලබාදෙන බවය. මෙම ක්රමයේ අද සිට ලියාපදිංචි විය හැකි මුත් ක්‍රමය සක්‍රීය වන්නේ තව දින කිහිපයකිනි. මෙය LIOC හා Ceypetco යන පිරවුම්හල් ජාල දෙකින්ම මෙම ක්‍රමය හරහා ඉන්ධන ලැබෙනු ඇත.
ලියාපදිංචි විය හැකි වෙබ් අඩවිය : http://fuelpass.gov.lk/
මෙම ක්‍රමවේදය හරහා ලියාපදිංචි වීමෙන් පසු සිපෙට්කෝ සහ ලංකා IOC පිරවුම්හල් මගින් සතිපතා වාහන සඳහා අවශ්‍ය ඉන්ධන කෝටාවක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙයි.
මෙම ලියාපදිංචි වීමේදී වාහන දෙකක් ඇති පුද්ගලයෙකුට තමාගේ නිවසේ සිටින තවත් පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පතට, විදෙස් ගමන් බලපත්‍රයට හෝ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය යටතේ එක්විය හැක.
මෙහිදී වාහන අංකය සහ චැසි අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සහතික කිරීමෙන් පසුව QR සහතිකයක් නිකුත් කරනු ලබන අතර ඉන්ධන ලබා ගැනීමේදී මෙම QR සංකේතය ඉදිරිපත් කළ යුතුයි.
ඒ අනුව, එක් හැඳුනුම්පතක් යටතේ ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගත හැකි වන්නේ, එක් වාහනයකට පමණක් බව ද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.
කිසියම් ආයතනයක වාහන කිහිපයක් තිබේ නම් ඒ ඒ රියදුරුට අයත් ජාතික හැඳුනුුම්පත් අංක යටතේ ලියාපදිංචි කළ හැකි බව දන්වා තිබේ.
අයීසීටීඒ ආයතනය මගින් හඳුන්වාදී ඇති මෙම නව ක්‍රමය දැනටමත් ආර්එම්වී යටතේ ඇති දත්ත ඉල්ලුම් අනුව මතුකර සහතිකකරමින් ඉදිරිපත් කිරීමක් බවද පෙන්වා දෙයි.
එක් අයෙකුට සතියකට වරකට වඩා ඉන්ධන ලබානොදෙන බවද දන්වා ඇත. මෙම වැඩ පිළීවෙල යටතේ එක්අයෙකුට වාහන දෙකක් ඇතිනම් දෙකටම සිදු කළ නොහැකිය.
වාහන නොවන වෙනත් සුළු කර්මාන්ත කටයුතු හා ජෙනරේටර ආදියට ඉන්ධනලබාදීමේදී මෙම ක්‍රමය භාවිත කළ නොහැකි අතර ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ඉන්ධන ලබාදීමේ ක්‍රමයක් ඉදිරියේදී හඳුන්වාදීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා දන්වා සිටියේය.
මෙම ක්‍රමවේදය යටතේ ඉන්ධන බෙදා හැරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවත් සක්‍රීය කිරීමේදී
වාහන සඳහා සතිපතා ලබා දෙනු ලබන ඉන්ධන කෝටා ප්‍රමාණය දැනුම් දෙන බව
බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේය.
සක්‍රීය වනතුරු දැනට ක්‍රියාත්මක 0,1 සහ 2 සඳහා සඳුදා සහ බ්‍රහස්පතින්දා. 3,4 සහ 5 සඳහා අඟහරුවාදා, සිකුරාදා. 6,7,8, සහ 9 සඳහා බදාදා, සෙනසුරාදා සහ ඉරිදා.ක්‍රමය භාවිත වනු ඇත.
නව ක්‍රමය දින 3 කින් පමණ සක්‍රීය වූ පසුව විශේෂ කණ්ඩායම් වලට ලබාදීම (සෞඛ්‍ය අංශ ආදී) ක්‍රමය අහෝසි වන බවත් පැවසීය.
ලියාපදිංචි විය හැකි වෙබ් අඩවිය : http://fuelpass.gov.lk/
0 Comments