kanchana-fuel-pass

Fuel Pass  ලෙස හැඳින්වූ ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ලබන සඳුදා (25) සිට ඉන්ධන ලබාදීම අත්හදාබැලීමක් පමණක් තෝරාගත් ප්‍රදේශ කිහිපයක ආරම්භ කරන බවත් 21 වනදා සිට අවසන් අංකයට දිනය ක්‍රමය අනුව ඉන්ධන බෙදීම රටපුරා අරඹන බවත් දින වෙනස් කරන ලද බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.





ට්විටර් පණිවිඩයක් යොමු කරමින් ඔහු පවසා ඇත්තේ Fuel Pass  සේවාව ලබාගැනීමට අද පස්වරු 4.00 වන විට රියදුරන් මිලිනයන දෙකක් ලියාපදිංචි වී ඇති බවයි. ඉදිරි දිනවලත් ලියාපදිංචි විය හැකි බව ඔහු පවසයි.
ජූලි 21- 24දා දක්වා වාහන අංක තහඩුවේ  අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාදෙන බවත් ඔහු කියා සිටියි. ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය 0 -1 හෝ 2 නම් අඟහරුවාදා හා සෙනසුරාදා දිනවල අවසන් අංකය 3-4-5 නම් බ්‍රහස්පතින්දා හා ඉරිදා දිනවලද අවසන් අංකය 6-7-8-9 නම් සදුදා – බදාදා සිකුරාදා දිනවලදීද පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකියි.



ලබන සඳුදා සිට කොළඹ තෝරාගත් ස්ථාන කිහිපයක ඉන්ධන බලපත්‍ර ක්‍රමය අත්හදා බැලිමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙන අතර තෝරාගත් ඉන්ධන හල් ගැන පසුව දන්වන බව පවසා තිබේ.