koobiyo-jehan-ranil

මීට වසර කිහිපයටකට පෙර විශාල ආන්දෝලනයක් ඇති කළ ටෙලි නාට්‍යයකි කූඹියෝ. මෙහිදී කතාව වෙනස්මුහුණුවරකින් කියන්නේ වාමාංශික දේශපාලන පක්ෂයක් තමුන්ට අවශ්‍ය “ගේම් එකක්” කරගන්න ජෙහාන් සොයාගෙන ඒමයි. 

එතැන පටන් කතාවේ අරමුණ යන්නෙ දේශපාලනයට බව පැහැදිලි කරනවා. අදාළ පක්ෂය විවිධ උපක්‍රම භාවිත කළත් ජෙහාන්ට පමණයි නිසි උපාය කල්පණා කළ හැකි වන්නේ.
 වාමාංශික දේශපාලනයට මෙහිදී පහර ගහනවා ඒත් එක්කම මේකෙන් ඔවුනට පාඩමක් කියා දෙනවා.


අවසානයෙදි,  පෙන්වා දෙනවා දේශපාලන ගේම් කියන දේවල් වෙන්නෙ කොහොමද කියන එක​. ඒක විස්තර කරන්න කරලියට එන්නෙ මල්දෙණිය කියන චරිතය​. දක්ෂිණාංශික පක්ෂ නායකයෙකු වන මල්දෙණිය රටේ නායකත්වයට පත්වන්නේ වාමාංශික අරගලයක වැඩි වාසිය තමන්ට හරවගෙනයි.
ඒ අරගලය මතු කරන්න නිර්මාණය කරගත් සිද්ධි කිහිපයක් මුල් කරගන්නවා. ෆැක්ටරියක ඇති කරන කලබලයක් එයට හවුල් කරගන්නවා.ඒ සඳහා සැලසුම කරන්නේ ජෙහාන්.

එක් අවස්ථාවක මෙන්න මෙහෙම දෙබසක් එනවා. මේක වෙන්නෙ මල්දෙණිය සහ ඔහුගෙ ලේකම් අධිකාරි (ඩබ්ලියු ජයසිරි) අතරයි.


මල්දෙණිය​: එතකොටත් මට තිබ්බා අපේ පක්ෂය දිනවන්න මොකක්ද කරන්න ඕන කියලා සැලසුමක්
අධිකාරි: ඉතාම පැහැදිලියි. අපි ඒක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හැටියට එළියට දැම්ම නෙ.

මල්දෙණිය​: අයිසේ! මං කතා කරන්නෙ ඔය කෙහෙල්මල් ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන නෙවෙයි. අපේ පක්ෂය දිනවන නියම වැඩපිළිවෙල ගැන​.

කතාවෙ අවසානය ජෙහාන් ගේම ගසනවා.නායකයා ජයගන්නවා.