mahinda-basil-cabral-court

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම්
පෙත්සමකට අදාළව මෝසමක් ඉදිරිපත් කර තිබේ.

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපතිවරුන් වන
අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කිරීමේ
නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මෝස‍ම ඉදිරිපත් කර තිබුණි.



මෙම මෝසම ලබන 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන නමුත් වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙම නඩුකරයේ
වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජනාධිපතිවරයා පවා සිටින ස්ථානය දැනගැනීමට මහජනතාවට
නොහැකි වී ඇති බවත් එමෙන්ම මෙම නඩුකරයේ ඇතැම් වගඋත්තරකරුවන් රටින් පළායාමේ සූදානමක් පවතින
බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් කියමින් නව මෝසම ඉදිරිපත් කර දන්වා ඇත්තේ වහාම මේ අය විදේශගතවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.



වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම්ශූරයකු වන ජුලියන් බෝලිං ජෙහාන්
කනගරත්න සහ  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් විසින් මූලික
අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

 මෙම මෝසම තවම විභාගයට ගත්තේ නැත.