ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් එරෙහිව සිදු කරන විමර්ශනය වෙනුවෙන් පෙත්සම අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ(14) කැඳවනු ලැබු අවස්ථාවෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල අද (15) දිනය දක්වා විදේශගත නොවන බවට ඔවුන්ගේ නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබුණත්
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කරුණු දක්වමින් කියා සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගතවීඇති බව සැඟවිය නොහැකි බවයි. එය සිදුකර ඇත්තේ ඉතා හොදින් සැලසුම් සහගතව සංවිධානය කිරීමෙන් බවයි.
13 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගත වූ බවට මාධ්‍ය වාර්තා ඇති බවත් කියන ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා
මෙම මෝසම ගොනු කරන ලද්දේ සඳුදා උදෑසන බවත් බැසිල් රාජපක්ෂ මහතා ගුවන් ටිකට් පත් වෙන්කර ගෙන ඇත්තේ එදින සවස බවත් ප්‍රකාශ කළේය. ගුවන් ටිකට් පත් මිලදී ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ රුපියල් මිලියන 5.3ක් වැය කර ඇති බවත් එම ටිකට් පත් වල ආපසු පැමිණෙන දිනය ලෙස 2023 මාර්තු 02 වැනිදා ලෙස සඳහන් කර ඇති බවට කරුණු අනාවරණය කරගත් බවත් අධිකරනයේදී දන්වා සිටියේය.
වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේවන විට සම්පූර්ණයෙන්ම අතුරුදන් වී ඇති බවත් පෙන්වා දෙන ජනාධිපති නීතිඥවරයා ඔහු මෙරට සිටින්නේ දැයි යන්න අපැහැදිලි බවත් ඔහු සිටින තැන කවුරුත් නොදන්නා බවත් කියා සිටියේය.
වගඋත්තරකරුවන් විදේශ ගත වීමෙන් වැලකී සිටිනු ඇතැයි සහතිකයන් ලබා දෙන්නේ කෙසේ දැයි ඔහු ඒ අනුව ප්‍රශ්න කර සිටියේය.
වගඋත්තරකරුවන් විදේශ ගත වැලක්වීමට නියෝගයක් නිකුත් කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන්නේය.
නඩු විභාගය අද (15) යලි කැඳවා තිබේ.
0 Comments