mahindananda-fertilizer-talk

චීනයෙන් මෙරටට ගෙනැවිත් ආපසු හරවා යැවූ පොහොර නැව වෙනුවට වෙනත් පොහොර නැවක් ලබා දිය නොහැකි බවට එම පොහොර එවූ චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගම තීරණය ඇතැයි එම සමාගමේ මෙරට නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවට වාර්තා වේ. 



මෙලෙස හරවා යැවූ පොහොර තව වෙනුවට වෙනත් පොහොර නැවක් ලබා දීමට අදාළ සමාගම එකග වූ බවට එම පොහොර නැව ගෙන්වන අවස්ථාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කර තිබුනි. කෙසේ වෙතත් එම පොහොර .නැවට වන්දි ලෙස මෙරට රජය විසින් ලබා දෙන මුදල වෙනුවට නැවත හරවා යවනු ලැබූ පොහොර නැවම යළි ලබා දීමට හැකියාවක් පවතින බවද ක්වින්දා ඕ බයෝටෙක් සමාගමේ මෙරට නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දන්වා තිබේ. මෙම පොහොර නැවට ශ්‍රී ලංකා රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් මීට පෙර ගෙවා තිබූ අතර, ඉතිරි වන්දි මුදල වන ඩොලර් මිලියන 1.9ක මුදල ඊයේ (30)දා දිනය වන විට ගෙවීමට නියමිතව තිබිණි.

මේ වනවිට එම කාලයද අවසන් වී තිබේ. ඒ අනුව එම මුදල නොගෙවීමට කටයුතු කරන්නේ නම් චීන සමාගම ඔවුනට සිදු වූ අපකීරීතිය වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයක නඩු පැවරීමට කටයුතු කරන බවද අදාළ සමාගම් මෙරට නියෝජිතයන් විසින් වැඩිදුරටත් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.