සර්ව පාක්ෂික රජයක් සඳහා ලබන සතියේ පාර්ලිමේන්තුවේ පවතින සූදානම මේ වනවිට ආරවුලක් බවට පත්ව තිබේ. ඒ ඒ පක්ෂ ජනපති වීමට කුලල් කාගන්නා අතරම රනිල් වික්රමසිංහ ‘රාජපක්ෂ රකින්නන්ගේ කන්ඩායමක්‘ තනවා ආණ්ඩු පක්ෂය පවා භේද කර තිබේ.
සෑම පක්ෂයකින්ම පාහේ අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම නිසා එකමුතුවී රට ගොඩනග්නනට තවම එකඟතාවක් ඇතිවී නැති බව මතුපිටින් හදුනාගන්නට ලැබේ.
ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී, ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නට යන බවට මුලින් ආරංචිවුවත් දැන් ඔවුන් පවසන්නේ වෙනත් කතාවකි.
ජනපති තෝරන ඡන්දයේදී ඡන්දය කටුගාදැමීමට හෝ ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අද මාධය වෙත අදහස් දක්වමින්පවසා තිබේ.
සියලු අපේක්ෂයින් රටේ ප්රශ්නවලට විසඳුම් ලබාදෙන අරමුණක් ගැන තවම හැඟීමක් නැති නිසා එසේ කරන බව කියා සිටියේය.
ශ්රීලනිප සතුව ඡන්ද 14 ක් හෝ ඊට ආසන්න ප්රමාණයක් තිබෙන අතර සිය වැඩපිළිවෙළ ඉදිරිපත් නොකරන්නේ නම් මෙම තීරණයට එළැඹෙන බවට ඔහු ඉඟි කළේය.
0 Comments