maithripala-sirisena-speaker

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට (20) පැවැත්වෙන පාර්ලිමේන්තු ජනපති ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය ලබා නොදෙන බව මින් ඉහත ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළ නමුත් ඊයේ ඔවුන් කළ සාකච්ඡාවකින් පසු මෙම තීරණය යළි වෙනස් කර තිබේ.


වරින්වර විවිධ අරමුණු අනුව වෙනස්කරන ප්‍රතිපත්තියක සිටින ශ්‍රීලනිප කන්ඩායම මෙවර ඩලස් අලහප්පෙරුමට ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි දැනගන්නට ලැබේ.
සජිත්ගේ සහය ඩලස්ට ලබාදෙන අවස්ථාවේ ඩලස් ජනපති බවට පත්වූවොත් ඇමති ධූර කිහිපයක් හා අගමැති ධූරය සජබට ඉල්ලා ඇතැයි පැවසෙන අතර
ශ්‍රීලනිප වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කතානායක ධුරය බාර ගන්නැයි ඩලස් - සජිත් පාර්ශවය විසින් යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම ඇමති තනතුරු කිහිපයක්ද ඔවුනට වෙන් කර ඇත.

මාලදිවයිනේද හිටපු ජනපති වර්තමානයේ කතානායකවරයා වන අතර එහි වටිනාකම ගැන මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපති සතුටට පත්ව සිටින බව දැනගන්නට ලැබේ.
එසේම ඡන්දය පළ නොකරන තීන්දුවක සිටි ශ්‍රීලනිපයට එම තීරණය වෙනස් කරන ලෙස ඊයේ ඔවුන් හමුවට ආ ගාලුමුවදොර අරගලකරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත.
ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් අද රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මතයද විමසා සුදුසු පියවරක් ගන්නා බව පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඒ අනුව අද (19) සවස ශ්‍රීලනිප ස්ථාවරය ප්‍රකාශ වීමට නියමිතයි.