nasa-james-webb

නව ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් විශ්වයේ පළමු පූර්ණ වර්ණ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
මෙම ඡායාරූප මෙතෙක් විශ්වයේ ලබාගත් ගැඹුරුම හා සවිස්තරාත්මක අධෝරක්ත කිරණ ඡායාරූප බව නාසා ආයතනය සඳහන් කරයි. මෙයින් වසර බිලියන ගණනකට එපිට මන්දාකිනි පිළිබදව සවිස්තරාත්මක කරුණු අධ්‍යයනයක් සදහා මෙය උපකාරී වනු ඇති බවට නාසා ආයතනය දන්වයි. පසුගිය වසරේ දෙසැම්බර් 25 වන දින ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය කක්ෂගත කෙරුණේ එතෙක් කල් අභ්‍යවකාශ ඡායාරූප ලබාදුන් හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ සේවා කාලය අවසන්වීම හේතුවෙනි.

ඒ සදහා ඇමෙරිකා ඩොලර් බිලියන 10 ක පිරිවැයක් දරා තිබෙන බව කියැවේ. මීට වසර බිලියන 13.5 කට ඉහත විශ්වයේ පළමු තාරකාවල ඡායාරූප ලබාගැනීම ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් බලාපොරොත්තු වන බව නාසා ආයතනය සදහන් කරයි. එමෙන්ම විශ්වයේ වාසයට සුදුසු වෙනත් ග්‍රහලේක පිළිබද අධ්‍යනය කිරීම ද එමගින් සිදුවනු ඇත.