one-killed-in-protests

අද කොළඹ හා අවට ඇතිවූ මහජන විරෝධතාවලින් 42 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබූ අතර ඉන් 02 නෙකු කාන්තාවන් බව වාර්තා විය.අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවත්වූ විරෝධතාවය අතරතුර සිදු කළ කඳුළු ගෑස් ප්‍රහාර නිසා බොහෝ අයට ත;qවාල සිදු විය. මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවත්වූ විරෝධතාවයට එක්වූ තරුණයෙකු පසුව තුවාල ලබා කොළඹ බෞද්ධාලෝක මාවත ආසන්නයේ පාරේ වැටී මියගොස් සිටියදී සොයාගෙන තිබුණි. 

ඔහු  කුරුණෑගල, දලදාගම පදිංචි ජාලිය නමැති 26 හැවිරිදි තරුණයෙකි. එක් දරු පියෙකි. මහව පොලිසිය පවසන්නේ ඔහු කඳුළු ගෑස් ආග්‍රහණය වීමෙන් සිදුවූ අසාත්මිකතාවයක් හේතුවෙන් මියගොස් ඇති බවය. ඔහු තවත් මිතුරෙකු සමග පසුගිය 12 වනදා කොළඹට පැමිණ ජනපති මන්දිරයේ අරගලකරුවන් හා එක්වී සිටි බවත් අද ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් තුවාල ලබා මහමග වැටී සිටියදී රෝහල්ගත කරන්නට යෙදුණ අතර ඒ වනවිටත් මියගොස් ඇති බව වාර්තා කෙරිණි. ඔහුට දරුණු ලෙස කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වන්නට සිදුවූ බව ඔහුගේ සගයා දන්වා තිබුණි.