pakistan-test-win-over-sri-lanka

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 4කින් ජය ගැනීමට සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමත් විය.


මෙම තරගයේ පළමු ඉනිම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 222ක් රැස්කර ගත අතර, පාකිස්ථාන කණ්ඩායම පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් 218ක් රැස්කර ගැනීමට සමත් විය.
අනතුරුව දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 337ක් රැස්කර ගැනීමට සමත් විය.
ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට ලකුණු 342ක අභියෝගයක් හිමිවිය.
පාකිස්ථාන කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 342ක් රැස්කරගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ තරග 1ට 0ක් ලෙස ජයගෙන ඉදිරියෙන් රැදී සිටියි.