බත්තරමුල්ලේ පාර්ලිමේන්තු පිවිසුම අවහිර කර ඇති බාධක කඩමින් පොල්දූව හන්දියේත් කථානායක නිවස අසලත් විරෝධතාකරුවන් පිරිසක් අද සවස සිට රාත්‍රී කාලය දක්වාම උද්ඝෝෂණයක නිරතවන බවට තොරතුරු වාර්තා වේ.
ඇතැමුන් බැකෝ යන්ත්‍ර ආධාරයෙන් පාර්ලිමේන්තු පිවිසුම් බැරියර් බිඳ දමන්නට උත්සාහ කර තිබේ. ඔවුන්ගේ වෑයම පාර්ලිමේන්තුව අල්ලාගැනීම බවද වාර්තාවේ.
ඔවුන්ව විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති අතර මේ වනවිට 35 ක් පමණ රෝහල් කරා ගෙන ගොස් තිබේ.
මේ අතර ගෝල්ෆේස් අරගල භූමියේ සිට රැට්ටා පනිවිඩයක් තබමින්කියන්නේ පාර්ලිමේන්තුව වැටළීම පැතුම් කර්නර්ගේ වැඩක් බවත් මෙම අවස්ථාවේ එය නොකරන ලෙසත්ය. ඉදිරියේදී අවශ්‍ය විසදුම් ලබාගත යුත්තේ පාර්ලිමේන්තුවේ සිට බැවින් එයට අත නොතබන ලෙස රැට්ටා ඉල්ලයි
බැකෝ යන්ත්‍ර වීඩියෝව හා රැට්ටාගේ වීඩියොව පහතින්
0 Comments