passport-office-baby-birth

අද දිනයේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගර්භනී කාන්තාවකට විළිරුදාව ඇතිවීමෙන් පසු ඇයව රෝහල්ගතකිරීමෙන් පසු දරුවෙකු ප්‍රසූත කළ සිදුවීමක් වාර්තාවේ.



පෝලිමේ රැඳී සිටියදී ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැසිකිළියට ගොස් සිටියදී දරු ප්‍රසූතිය ලකුණු පහළවී තිබෙන අතර ඒ ගැන ඇය
දැනුම් දීමෙන් පසු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නිරතව සිටි හමුදා කණ්ඩායමක් ඇයගේ පිහටට ඉදිරිපත්ව ඇති අතර ඔවුන් වහාම ඇයව බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහල ට රැගෙන ගොස් තිබෙයි.
රෝහලට ඇතුළත් කර සුළු වේලාවකදී ඇය දරු ප්‍රසූතියක් සිදු කළ බවත් බිලිඳියක ප්‍රසූත කළබවත් වාර්තා විය.
මව සහ දැරිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල වාර්තා කළේය.
මෙම  කාන්තාව හැටන් ප්‍රදේශයේ පදිංචිව සිටින්නියක බවත් 26 හැවිරිදිවියේ පසුවන්නියක බවත් වාර්තා විය.

හැටන් ප්‍රදේශයේ සිට කොළඹ බලා පැමිණ ඇති මෙම කාන්තාව හා සැමියා දින දෙකක පමණ කාලයක් මෙලෙස විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා රැඳී සිට ඇති අතර ඇගේ ශාරීරික වේදනාවන් මතුව ඇත්තේ දෙවන දිනයේදීය.