petrol-fire-death

භූමිතෙල් වෙනුවට පෙට්‍රල් දමා ළිපට ගිනි ඇවිලීමට යාමේදී ඇඳුම්වලට ගිනි ඇවිලී බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ සිව්දරු මවක් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පෙරේදා (09) පැවති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.  මියගොස් ඇත්තේ හින්දෙණිය පතිරන්නැහැලාගේ නිලුකා ප්‍රියදර්ශනි (41) නැමති වලකාවිට අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කරන තැනැත්තියකි. මියගිය සිව්දරු මව මුළුතැන්ගෙයි ළිප ගිනි මෙලවීමට ගොස් භූමිතෙල් වෙනුවට පෙට්‍රල් දමා ගිනි ඇවිලීමට යාමේදී ඇය ඇඳ සිටි ඇඳුම්වලට ගිනි ඇවිලීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 08 වැනිදා මියගොස් ඇත.මියගිය තැනැත්තියගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව්. ගුණසිංහ මහතා විසින් ද හදිසි මරණ පරික්ෂණය මහේෂ් ධර්මරත්න මහතා විසින් ද සිදු කරනු ලැබීය. ම

මෙම ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා සම පිළිස්සීමෙන් ඇතිවූ සංකූලතා නිසා පෙනහලුවලට හා වකුගඩුවලට හානිවීමෙන් මරණය වී ඇති බවට තීන්දු කළේය.