ඉරිදා ඇන්ජලස්හිදී යාඥාවේදී අදහස් දක්වමින් පාප් වහන්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආයාචනයක් කළහ.
එහිදී පොදු යහපත සඳහා සංවාදයක් ආරම්භ කරන ලෙස පාප් වහන්සේ ශ්‍රී ලංකා නායකයින්ගෙන් ඉල්ලා සිටියහ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් යාඥා කරන බවද දන්වා සිටියහ.
ජනතාවගේ මූලික අවශ්‍යතා සහ ජීවනෝපාය අහිමි කර ජනතා නැගිටීමකට තුඩු දී ඇති දූෂණය සහ ආර්ථික අවපාලනය මුල් බැසගත් අර්බුදයට විසඳුම් සෙවීමේ නිරතව සිටින සියලුම පාර්ශ්ව වෙත එතුමෝ පණිවිඩය යොමු කළහ.
“ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයකින් වළකින ලෙසත්, පොදු යහපත සඳහා සංවාද ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා” පාප් වහන්සේ ප්‍රකාශ කළහ.
(වතිකානු පුවත් අනුග්‍රහයෙනි)
0 Comments