presidentkatunayake-vvip

අද ජනතාව ජනපති මන්දිරය වැටළූ අවස්ථාවේ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති මන්දිරයේ වරාය පිවිසුම් දොරටුවෙන් පිටව ගොස් ඇතැයි තහවුරු නොකළ ආරංචි සඳහන් කර තිබේ.


(මින් ඉහත වාර්තා වූයේ ජනපතිවරයා ඊයේ සිටම මන්දිරයේ නොසිටි බවකි)
අරගලයේ නිරතව සිටින ජනතාව මේ වනවිට ජනාධිපති මන්දිරය තුළට ඇතුළුව සිටියත් කිසිදු නිලධාරියෙකු එහි සිටියේ නැති අතර පාලුවට ගොස් තිබුණි.
මේ අතර කටුනායක අධිවේගය ඔස්සේ VVIP රථ පෙළකින් පිරිසක් රටින් පළායන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ.
VVIP රථ පෙළකින් ප්‍රබලයන් කිහිප දෙනකු කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ගුවන්තොටුපොළ බලා පිටත්ව ගොස් ඇති බව ඒ අනුව සැක කෙරේ.
මොවුන් රටින් පිටවීමට සූදානම් වන්නේදැයි සැකයක් මේ වනවිට මතුව ඇත.
මේ වනවිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත හදිසියේම ත්‍රිවිධ හමුදාව කැඳවා ඇතැයිද වාර්තා වේ.
කටුනායක අධිවේගයේ වීඩියෝව පහතින්