protesters-reaction-ranil

අද දින ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ ​තෝරා පත් කිරීමෙන් තවදුරටත් රාජපක්ෂ නඩය ශක්තිමත් කිරීමට පාර්ලිමේන්තුවේ 134 දෙනෙකු කටයුතු කර ඇති බවත් එය මිලියන ගණනකගේ පැතුම නොවන බවත් අද (20) සවස ගෝල්ෆේස් අරගල භූමියේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අරගලකරුවන් ප්‍රකාශ කර තිබුණි.රටේ පාර්ලිමේන්තුවට රටේ ප්‍රශ්න විසදන්නට උවමනා නැති බව අද පෙන්නුම් කළ බව ඔවුන් පෙන්වා දුණි.
අද සෙලයින් බෝතල අරගෙන ඡන්ද ප්‍රකාශ කරන්න මන්ත්‍රීවරුන් ඇතැමුන් ආ බවත් ඔවුන් ජනතාව වෙනුවෙන් එසේ ආ බවක් හෝ එන බවක් නොපෙනන බවත් හැමදේම ඇමතිකම් වලට වරදාන වලට විකිණී ඇති බවත් ඔවුන් කියා තිබුනි.


තම සටන මේ නිසා නවතන්නේ නැති බවත් රාජපක්ෂ බලය මේ කියන අංක ගණිතයෙන් නවතන්නට බැරි බවත් කියා සිටි ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හෝ ජනතාව ලබානොදුන් කෙනෙකු ජනපති පදවියට පත් වූ බවත්  මැර බලයෙන් සටන නවතාලිය නොහැකි බවත් කියා සිටී.
පාර්ලිමේන්තුව ජනතාවගේ විශ්වාසය කඩවන ලෙස කටයුතු කර ඇති බවත් පෙන්වා දුන් ඔවුන් අද දින පාර්ලිමේන්තුව දුන් තීන්දුව නැවත වරක් ජනතාවට නැගිටින්නට ශක්තියක් ලබාදුන් බවත් කියා තිබුණි.

ජාත්‍යන්තර මාධ්‍යද කැඳවමින් ඔවුන් පැවැත්වූ මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින්