බලශක්ති ඇමති කංචන විජේසේකර මින් ඉහත සඳහන් කළ ආකාරයට ඉන්ධන බෙදාහැරීමේ බලපත්‍ර ක්‍රමය නැතහොත් QR ක්‍රමය 25 සඳුදා සිට රටපුරා සිදු කරන්නට හැකියාවක් නැති ස්වරූපයක් ඉරිදා 24 වනවිට වාර්තාවී තිබේ. තවම එහි පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර පරීක්ෂණ සිදුකරන පිරවුම්හල් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කිරීම ගැන පමණක් ඇමතිවරයා සලකා බලා තිබේ.
ඒ අනුව තවදුරටත් දිනයට අදාළ අවසන් අංකය අනුව ක්‍රියාත්මක අවිධිමත් බෙදාහැරීමේ ක්‍රමය සිදුවන බව වාර්තාවන අතර ඉන්ධන ප්‍රමාණවත්ව පිරවුම්හල් වෙත සැපයී නැති පසුබිමක මෙම ක්‍රමයට ඉන්ධන ලබාදෙමින් සිටියදී දිනය අවසන් වන අවස්ථාවේ අලුත් දිනයේ අය වෙනුවට පෙර දිනයේ පෝලිමට ප්‍රමුඛතාවය දීමට ඇතැම් ඉන්ධන හල් කටයුතු කරන නිසා එකතුවන තදබදයක් නිර්මාණයවී තිබේ. මේ හේතුවෙන් පෙර පැවති තදබදය තවම පවතී.
ඇමතිවරයාගේ ටිව්ටර් පණිවිඩ අනුව අම්පාර, ගාල්ල,අනුරාධපුර,පලෙයි,මාතර, කොකුවිල්,මාවනැල්ල,ඉඩදඹුල්ල,බදුල්ල,මොණරාගල,ඉදිගොල්ල,මන්නාරම, කොළඹ7,රත්නපුර,රන්න, නොරොච්චොලෙ,බමුණවල,වවුනියාව,පුලියන්කුලම හා ත්‍රීකුණාමලයේ පිරවුම්හල් වල මෙම පරීක්ෂණ සිදුකර ඇත.
එම පිරවුම්හල් අතරින් ඇමති පෙන්වා දෙන සංඛ්‍යාලේඛන අනුව පසුගිය 22 වනදා මල්පාරේ Niroshan Enterprise සාර්ථකව QR ක්‍රමය යටතේ 534 කට ඉන්ධන ලබාදී ඇති අතර ත්‍රීරෝද රථ 164 කට, යතුරුපැදි 259 කට, කාර් 108 කට හා වෑන් 03 කට ලබාදී ඇත.
එසේම Ranasinghe LIOC මගින් නව කේතය අනුව 674 කට ඉන්ධන ලබාදුන් බවත්
ත්‍රීරෝද රථ 151 යතුරුපැදි 292 කාර් 220 හා වෑන් 11 කට ඉන්ධන ලබාදුන් බවද දන්වා ඇත.
තවත් ස්ථාන 5 ක් ඉදිරි දින දෙක ඇතුළත ඉන්ධන කේත ක්‍රමය අත්හදා බලන බව පමණක් ඇමතිවරයා සඳහන් කරන නමුත් මෙම ක්‍රමය දීප ව්‍යාප්තව සිදුකරන දිනයක් ගැන තවම දන්වා නැත.
ඒ අනුව තවදුරටත් දිනයට අදාළ අවසන් අංකය අනුව පෝලිම් ගැසී ක්‍රියාත්මක බෙදාහැරීමේ ක්‍රමය අවිධිමත් ලෙස සිදුවන බව පෙනෙන්ට තිබෙයි.
- 0,1,2 - Tuesday & Saturday
- 3,4,5 - Thursday & Sunday
- 6,7,8,9 - Monday, Wednesday & Friday
0 Comments