ranil-calls

අරගලයේ විප්ලවීය දිනක් බවට පත්වූ මැයි මස 09 වනදා ඇති වූ කලහකාරී තත්ත්වය හමුවේ ප්‍රහාරවලින් විනාශ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවාස යළි සාදා දීමට ජනපති අපේක්ෂක හා වැඩබලන ජනපති දුරකථන මගින් ඇමතුම් ලබා දෙන බවට වාර්තා පළව තිබේ.


 මන්ත්‍රීවරුන් වෙත වැඩබලන ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කරමින් පවසා ඇත්තේ දේපළ විනාශ කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒවා සාදාගන්නට මිලියන ගණනක් මුදල් වෙන් කරන්නට සූදානම් බවත්ය.

විනාශයට පත් වූ මැති ඇමැතිවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද එම වාර්තාවට නම හා විස්තර ඇතුළත් කර දෙන්නැයිද මතක් කර තිබේ.

මැයි 09 වනදා  දේශපාලනඥයින් 80කට අසන්න පිරිසකගේ නිවාස හා දේපළවලට හානි සිදුවූ අතර බොහෝ විට අරගලය මුවාවෙන් පුද්ගලික කෝන්තර පිරිමැසීමක් ලෙස මෙම විනාශය සිදුවිය.