ranil-dhammika

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට (20)පෙරවරුවේ දිවුරුම් දෙන බව වාර්තාවේ.


රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අත්හරින නිසා ඔහු වෙනුවට රුවන් විජේවර්ධන මහතාඑජාප තනි ආසනය වෙනුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇතැයි වාර්තාවේ.
මේ අතර පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් හිස්තැන පිරවීමට පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුවට එක්වූ ධම්මික පෙරේරා සිය පාර්ලිමේන්තු අසුනින්ද ඉවත්වීමට සූදානම් බව ආරංචිතිබේ. ඔහු අගමැති රනිල්ට මුදල් ගැන අවබෝධයක් නැති නිසා අගමැති කමින් ඉල්ලා අස්වන්න යයි ප්‍රසිද්ධියේ කියා තිබූ අයෙකු වන අතර රනිල් වැඩබලන ජනපති වූ විගස ඔහු ඇමති තනතුරින්ද ඉල්ලා අස්විය. පසුව ඔහුට අයත්ව තිබූ විෂය පථයන්ද වැඩබලන ජනපති තමන්ට පවරමින් ගැසට් කළේය.
ධම්මිකගෙන් හිස්වන අසුනට එජාප සාමාජිකයෙකු ඇතුළත් කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.