ඊයේ (18) කොළඹදී වැඩබලන ජනාධිපති, රනිල් වික්‍රමසිංහ සහ ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා අතර හමුවක් පවත්වා තිබෙයි.
එම හමුවේදී රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර එහිදී අමාත්‍ය ඩග්ලස් දේවනන්දා වැඩබලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මේ වන විට මෙරට තුළ තහනම් කර ඇති ඇතැම් මුස්ලිම් සහ ඩයස්පෝරාවේ දමිළ සංවිධාන සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසයි.
තහනම් කර ඇති ඇතැම් සංවිධාන ලංකාවට ආයෝජන ගෙන ඒමට සහ මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ සංවිධාන බවත් පියවරක් ගන්නා ලෙසත් ඩග්ලස් දෙවානන්දා අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇති අතර එවැනි පසුබිමක් යටතේ 20 වනදා ඡන්දය ලබාදීමට කැමැත්තෙන් පසුවන බව දන්වා ඇත.
0 Comments